ගී පද
සුසානයක නොදැවී
සිතේ තවම තනිවී
තියේ එදා ඔබ
පිදූ දයාබර
සෙනෙහෙ සුවඳ නොමැකී
පියා ගතිමි නෙත මා
ඔබෙ ්සිනහා රදවා
නුවන් විවර කල
ඔබ දුරක පියඹා
වෙන දෑසක බැදිලා
තව හීනෙක වෙලිලා
සුසානයක නොදැවී ....
ඔබේ සුවඳ සුවඳයි
ඔබේ මතක මතකයි
ඔබෙන් තිළින ලද
දයාවන්ත හිත
සදාතනයි සත්තයි
එදා වගේ සුවඳයි
අතීතයම සුවඳයි
සුසානයක නොදැවී ....