සූර්යයා වීsuuryayaa wii

Suryaya Wee

ගී පද

සූර්යයා වී ඉන්ද්‍ර දිගින් ඔබ පායනවා
තාරපතී මා අවර ගිරින් සැඟවී යනවා

මහබඹු නළලත කෙටුවේ ඔබෙ රුව 
කිසි කල කිසි දින මට නොලැබෙන්නෙද
ලෝකය දෙකොනේ දෙතැනක තනිවී
ලොවට හොරෙන් ඉකිබිඳ වැළපෙන්නද

උක්දඬු දුන්නේ මල් හීසර නොව
විෂ ළූ හීසර අප හද පාරයි
අප හමු නොවනා බව පැහැදිලි මුත්
බලාපොරොත්තුව හද ගැබ මෝරයි