සුරතට බරවී තනිවුණ දවසේsurathata barawii thaniwuna dhawasee

Surathata Barawi Thaniwuna Dawase

පද රචනය:
චතුක මධුරංගchathuka madhhuranga

ගී පද

සුරතට බරවී තනිවුණ දවසේ
මගේ විතරයි කීවා මතකයිදෝ
ඇස්පොඩි අස්සේ සන්තක හීනේ
ඔබේ නමින් ගෙතුවා මතකයිදෝ
අමතක  කරලාදෝ

ඔය පය පාමුල බිඳී ගියේ
අන්තිම පැතුමයි ජීවිතයේ
සිනහව පුරවා තිබුණු හිතේ කඳුලැලි විතරයි නතර වුණේ
මගේ ළඟ නතර වුනේ

සුරතට බරවී ....

ළඟ රැදුනත් හිත මාගෙ නොවේ
වැටෙන සුසුම්වත් වාරු නොදේ
තනිකම මගේ තනි මකන පැයේ 
ආයෙත් හිත ළඟ ඔයා මැවේ
ආයෙත් ඔයා මැවේ

සුරතට බරවී ....