ගී පද
සුරලියෙකු වගේ රුවෙනා
මුදු ගතිගුණ හරි අගනා
(පොඩි කාලෙ සිටන් මම ආවෙ සොයන්
ලස්සන රන් එතනා...//)
(වෙල් යායේ හා ගං ඉවුරේ
ඒ මදු ගී රස පැතිරේ
පට සේල නැතත් ඔයා හරිම හැඩයි
ලස්සන රන් එතනා...//)
සුරලියෙකු වගේ රුවෙනා....
(මගෙ ජීවන මල් උයනේ
ඔබ වෙයි පිපි පෙම් කුසුමේ
මදු රස බොන්නෝ නීති\සුරකින්නම්
ඔයා කැමතිද රන් එතනා...//)
සුරලියෙකු වගේ රුවෙනා....
(දුක සැප විඳුමට තුටිනා
හැකි නම් එක් වෙමු දෙදෙනා
එන මහට කලින් ගෙන යමි කැන්දන්
මාගේ පැල වෙත රන් එතනා...//)
සුරලියෙකු වගේ රුවෙනා....