සුරැකීමට හෝ නැති වී යනු පිණිස මා කෙරේsuraekiimata hoo naethi wii yanu pinisa maa keree

Surakimata Ho Nathi Wimata

ගී පද

සුරැකීමට හෝ නැති වී 
යනු පිණිස මා කෙරේ 
එකකී මට ලොව ඇත්තේ 
ඒ ඔබගෙ ආදරේ...// 

මගෙ ජීවය ගල් ලෙනකී 
එහි පහන ඔබ තමා 
එය දල්වනුමැන හිනැහී 
හද පෙම් ගිතෙල් දමා //

වෙන්වීමට ළංවීමට භවයේ වරින් වරේ 
එකකී මට ලොව ඇත්තේ 
ඒ ඔබගෙ ආදරේ 
සුරැකීමට හෝ නැති වී 
යනු පිණිස මා කෙරේ 
එකකී මට ලොව ඇත්තේ 
ඒ ඔබගෙ ආදරේ 

අඩකී පිරිලා ඇත්තේ 
මධු මිහිර මීවිතේ 
පුරවා දියහැකි ඔබටයි 
අඩු කොටස ජීවිතේ...// 
සැනසීමට හෝ වැළපීමට 
මතු සැරින් සැරේ 
එකකී මට ලොව ඇත්තේ 
ඒ ඔබගෙ ආදරේ 
සුරැකීමට හෝ නැති වී 
යනු පිණිස මා කෙරේ 
එකකී මට ලොව ඇත්තේ 
ඒ ඔබගෙ ආදරේ 

අද හෝ හෙට කරුණාකොට 
වියලුනු දෙතොල් තෙමා 
දිව ගෑමට සැනසීමට 
ඔබ දිය යුතුයි අමා 
ඔබගේ නෙත කඳුලැළි මත 
පාවෙන තරම් ප් ‍රියේ 
දරුණූ නැත මගෙ හදවත 
හොඳ සිහිය මට තියේ 
සෙළවීමට නොහැකී වෙද 
බාධක සුළං සැරේ 
එකකී මට ලොව ඇත්තේ 
ඒ ඔබගෙ ආදරේ 

සුරැකීමට හෝ නැති වී 
යනු පිණිස මා කෙරේ 
එකකී මට ලොව ඇත්තේ 
ඒ ඔබගෙ ආදරේ...//