ගී පද
සුපුන් සදක් අහසේ පාවූනා
වලා රොදක් තුලින් හිනැහුනා
සුපෙම් හදක් කරයි කල්පනා
මාගේ හිතවෙත එයි
සුදාගේ සුදුමුහුනෙ මල්හිනා
සුපෙම් හදක් කරයි කල්පනා
මාගේ හිතවෙත එයි
සුදාගේ සුදුමුහුනෙ මල්හිනා......
එන්න එන්න පෙම් හසරැලි පාලා
දෙන්න දෙන්න දෑත දිගුකරාලා
ඉන්න ඉන්න මා ලගටම වීලා
අපි සදහට ඉමු සැනසීලා......
සුපුන් සදක් අහසේ......
එන්න මා සොයා
මා සිතේ චන්ද්‍රයා
ගීත ගය ගයා සුරංගනාවියා
පෙම් හසුනක් ලියා දුන්නොත්
ගන්නවද ඔයා
කුමරියෙ මම ඔබේ කුමාරයා.....
සුපුන් සදක් අහසේ........