ගී පද
සුන්දර වත නුඹ සුන්දර තඹරු මල
පිංබර වේය සඳ පෑයු සේ මෙපුර
රන්කුඹ සේ මැයි දිලෙනා තිසර යුග
රිය සක සේමැයි වැනෙනා පුළුලුකල.....
දිමුතු දසන් පෙළ පිපිලා මුව කමල
සුමුදු සිනිඳු උරව් කල්‍යාණිය රකින
සිනිදු වරල බැඳ සැලෙන වරල බැඳ
සැලෙන සේ සෙමෙර නර්තන සොබන
පිරි පර මැඳ රඟන.....
නන්දන රැචිනා රාජිණියෙනි මෙපුර
කෝමල ගතිනා යන විට තෙපුල
පෙම්බර වෙමින් තෙපලන විට තෙපුල
තොය වෙන අඟනා සරිවෙන මංග රැජිණ.....//