සුන්දර මගේ හීනේsundhara magee hiinee

Sundara Mage Heene

සංගීතය:
නධිත් ද සිල්වාnadhhith dha silwaa
පද රචනය:
නධිත් ද සිල්වාnadhhith dha silwaa

ගී පද

මහ සෙනගක් පිරිලා අත්පොළොසන් දීලා
සද්දෙට මට වන් නෝ කියලා
කට්ටිය වට කරගෙන මල් මාලා අරගෙන
එද්දිම මාව ඇහැරුණා
මහ රෑ දැකපු අමුතු සුන්දර මගේ හීනේ
තරුවක් වගේ පෙනුනු ඒ සමනල කාලේ
ස රි ග ම පොතේ ලියන් ගිටාරේ ඉනේ තියන්
(තරුවක් වෙන්න ගියා මං ඉස්සර කාලේ...//)

අම්මා හොඳයි කිව්වා තාත්තා එපා කිව්වා
ෆේමස් වෙනවා කොල්ලා කිව්වා
පොත පත බැලුවා නම් විභාගේ කෙරුවා නම් 
මිනිහෙක් මමත් දැන් වෙලා
වීඩියෝ එක් කරගෙන සල්ලීත් විසි කරගෙන
(තරඟෙට මමත් එක්වුණා...//)

මහ රෑ දැකපු අමුතු සුන්දර මගේ හීනේ
තරුවක් වගේ පෙනුනු ඒ සමනල කාලේ
ස රි ග ම පොතේ ලියන් ගිටාරේ ඉනේ තියන්
(තරුවක් වෙන්න ගියා මං ඉස්සර කාලේ...//)

Melody හොඳයි කිව්වා Lyrics හොඳයි කිව්වා
සිංදුව මණ්ඩලේට දැම්මා
ටික දවසක් ගෙවුණා Saturday උදා වුණා
සෙට් එක වැඩි කරගෙන උන්නා
සිංදුව play වුණේ නෑ විලිසංගේ බැරුවා
සිංදුව රිජෙක්ට් වෙලා කුණු කූඩෙට දමලා
(අයියෝ සල්ලි නැති වුණා...//)

පොඩියට ගෙයක් තිබ්බා මං උකසට තිබ්බා
කුඹුරත් සින්න වුණා යාළුවෝ මග හැරියා
සිංදුව පෙන්නුවේ නෑ කව්රුත් ඇඳිනුවේ නෑ
(ගෙදරින් යන්න වුණා මේ ජර මර මැද්දේ...//)
(තරුවක් වෙන්න ගියා මං ඉස්සර කාලේ...//)