ගී පද
සුන්දර හදකට දී පෙම් වරම්
පෙම්බර ඒ සිතටම පෙම් බැඳන්
ළංකර ගැනුමට මා මේ තරම්
මං කළ පින කිව මැන රත්තරන්...
සුන්දර හදකට දී පෙම් වරම්...
(පුන්සඳ මොරන කොට සුන්දරයි
සුන්දර බව වැඩි වී පෙම්බරයි...//)
පෙම්බර බව හැරුණම පින්බරයි
මං ඔබ ගැන සිතුවෙත් එලෙසමයි...
සුන්දර හදකට දී...
(මන්දිර සිත තුළ අහසට උසයි
ළංකර සවනට කියනට සිතයි...//)
සුන්දර යුග දිවියට හිත කැපයි
පෙම්වත ළඟ එන නැකතද සුබයි...
සුන්දර හදකට දී...