සුන්දර දුම දුම නාsundhara dhuma dhuma naa

Sundara Duma Duma Na

ගී පද

සුන්දර දුම දුම නා සුදු දුන්හිඳ දේවි 
පෙම්බර නුමුණකුලට පෙම් කවි ගොතනා
(නුඹදෝ ප්‍රේමවන්තී සිහිලැල් ගී පද සලනා.....//)

පුන්සඳ මුණේ එළිය ගෙන සඟවා
චන්දන අරටු වනේ සිසිලස රැගෙනා
ඉමිහිරි බෙලි මල් රස පැන් ඔසු දෙවනා
(හිත නලව ගන්න එන පිරිසට....//)
මිහිරිම කවි පද කියනා
(නුඹදෝ සොබා දෙව්ලී ගහ කොළ මල් ඵල මවනා.....//)

කිරි සුදු බදුලු ඔයෙන් හසරැලි ගේනා
මීහිදුම් සළුවෙන් හිස ඔලි එලි බඳිනා
දහඩිය මුතුමල් ඉහිරුණු බිම වඳිනා
(වට වන්දනාවේ එන නඩේට....//)
සියපත් ඔබ හාද වුණා
(නුඹදෝ සුරලිය මුතියංගණ ගුණ වඳනා.....//)

සුන්දර දුම දුම නා.....