සුළඟ වගේ නුඹ එනවාsulanga wagee numba enawaa

Sulanga Wage Numba Enawa

සංගීතය:
දර්ශණ වික්‍රමතුංගdharshana wikramathunga
පද රචනය:
දයානන්ද රත්නායකdhayaanandha rathnaayaka

ගී පද

සුළඟ වගේ නුඹ එනවා
මල් සුවඳ අරන් රහසේ
ඒ සුවඳට වැට බඳින්න
ඒ සුවඳට වැට බඳින්න බෑ
මල් සුවඳ මටයි පිපුණේ මටමයි
මං මලට ආදරෙයි //

බිංදු බිංදු පිනි විසිරෙනවා
මුතුවැල් පැළඳුව ගානයි
හිරු රශ්මි වැදී  පිණි වියැලෙනවා
බලා ඉන්න මට හරි ලෝබයි
දෝතින් දිය බිඳක් දී රැක ගන්න හිතෙනවා //
මේ වසන්ත කාලෙ නුඹ වගේ
මල අයිති මටයි සුවඳත් මටමයි //

බිංදු බිංදු වැහි පොදු එනවා
පාටත් සේදෙන ගානයි
වැහි පොද වැටිලා සුළගේ එතිලා
මලට රිදුම් දෙනවා වාගෙයි
දෝතින් සෙවන සාදා රැක ගන්න හිතෙනවා //
මේ වසන්ත කාලෙ නුඹ වගේ
මල අයිති මටයි සුවඳත් මටමයි //

සුළඟ වගේ ....