සුළඟ නුඹ වගේ sulanga numba wagee

Sulanga Numba Wage

සංගීතය:
ගුණදාස කපුගේgunadhaasa kapugee
පද රචනය:
යමුණා මාලනී පෙරේරාyamunaa maalanii pereeraa

ගී පද

සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි 
වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

සිත හැඳිනුවෙත් ඔබයි
පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි
නුඹ මගේ සිත අරන් ගියා පුදුමයක් නොවෙයි

සුළඟ නුඹ වගේ ...

සිත තනිකලෙත් නුඹයි
මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදේ පුදුමයක් තමයි

සුළඟ නුඹ වගේ ...