සුළං රැල්ලsulan raella

Sulan Rella

සංගීතය:
මිල්රෝයි ධර්මරත්නmilrooyi dhharmarathna
පද රචනය:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

ගී පද

(සුළං රැල්ල ලෙස හඹා එමි 
කොහෙන් නමුදු ඔබ සොයාගමි.....//)

(නිරන්තරේ ඉන්පසු මම ඔබ ළඟින් ඉමි...//)
තුරුල් වන්න සෙවණැල්ලටවත් නොදෙන්නෙමි
(ඔබගේ හදවතේ ඉඩදෙනු මැනවි ප්‍රිය කතේ...//)

(ඔබේ තුරුළු ළය මානෙට ගී කියන්නෙමි...//)
අපේ ප්‍රේම පුරාණේට පණ පොවන්නෙමි
(ඔබගේ හදවතේ ඉඩදෙනු මැනවි ප්‍රිය කතේ...//)

(රසයි නීරසයි සම සම ලෙස විඳින්නෙමි....//)
නුවන් පියෙන තුරු ඔබ ළඟ දිවි ගෙවන්නෙමි
(ඔබගේ හදවතේ ඉඩදෙනු මැනවි ප්‍රිය කතේ...//)

සුළං රැල්ල ලෙස හඹා එමි 
කොහෙන් නමුදු ඔබ සොයාගමි.....///