සුළං කපොලු බිඳගෙනsulan kapolu bindagena

Sulan kapolu Bindagena

ගී පද

සුළං කපොලු බිඳගෙන නුඹ එන්න පගිල්ලී
නෙතින් කඳුළු ඉහිරෙන කොට ඉන්න නොසෙල්වී
පැතුම්  මලක සුසුවද මට හිඳියි තුරුල්වී
සුසුම් වලට සෙනෙහස ආදරෙයි කිරිල්ලී

හිතුවක්කාර පෙම් රැල්ලක පැටලී
සැන්දෑවට ඔබ එන්න සඳක් වී නෙත පැටලී
රතු රෝස මලක් රහසින් පෙම් පුදසුන සිඹිමි

සුළං කපොලු ....

තරුමල් සේදු ගං ඉවුරට වැටුණු
මේ ලාලික දිය දහර මලක් වී සිත පිපුනේ
සඳ පායන තුරු ඉන්නම් මනමාල කිරිල්ලී

සුළං කපොලු ......