ගී පද
සුළගේ ලෙලෙනා මලසේ දඟපා
අප පාසල් ගිය කාලයේ
යාළුවො අද නැත - වෙන අය එහි ඇත
කාලය මැවූ වෙනසක අරුමේ
ලොකු පංතියෙ අය පොඩි පංතියෙ අය
හැමදෙන එක පංතියෙ විලසේ...//
අප පොත්වල දුටු රජවරු සිටුවරු
වෙන්නයි කවුරුත් සිත් මැවුවේ..
සුළගේ ලෙලෙනා.../
සාම ලා අමරලා පොත්තුල තව ඇත
එන එන අය හා යාළු වෙතේ..//
අපේම පාසල අපේම මව විය
එදවස් අපහට නැත ආයේ...
සුළගේ ලෙලෙනා.../