සුළගට කලින්sulagata kalin

Sulagata Kalin

පද රචනය:
තුෂානි බුළුමුල්ලේthushaani bulumullee

ගී පද

සුළගට කලින් පා‍වී ලස්සන මලේ
වස්සානේ නුඹ හින්දා හැඬුවා
අවපස දුරින් පායා යළි ජීවිතේ
නොදැනුණු සුවඳක් මා සෙව්වා

සිතුවිලි මනරම් අහස අරන්
ඔබ මා හමුවේ සැනහේ සරදම්
මල් කෙමි අතරේ සඟවා රහසේ
මගේ සිත ගැයුවේ නොලියූ ගීයක්

සමනළ සිහිනෙන් එන්නෙද සියොතුන්
අරුණේ ඉඟිලී යන්නට ආයෙත්
අප පියවී ලොවේ නැතිවද පහසේ
නටුවේ බර වී රතු රෝස මලක්

සුළගට කලින් පා‍වී ලස්සන මලේ
වස්සානේ නුඹ හින්දා හැඬුවා
අවපස දුරින් පායා යළි ජීවිතේ
නොදැනුනු සුවඳක් මා සෙව්වා