සුළඟක් වෙලාsulangak welaa

sulagak wela

ඇල්බමය
Dreams 2 My Life
සංගීතය:
නලින් පෙරේරාnalin pereeraa
පද රචනය:
නන්දන වික්‍රමගේnandhana wikramagee

ගී පද

සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ 
සෙවනැල්ල වාගේ ඔබ ලඟින් ඉන්න ඕනේ 

හමු වූ දිනේ හිත බැඳිලා සෙනේ  
මුළු ජිවිතේ ඔබටමයි ආදරේ 
සිත් ගත ලඳේ ඔබ ලඟින් ඉන්න ඕනේ 
සුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනේ 

ඔබ මගේ කීවා ගං ඉවුරේ දැවටී මා ගතේ 
තුරු වදුලේ හැංඟි සිප ගද්දී දැනුණා මට සුවේ 
සිසිල දෙන මේ නදී තෙරේ තුරුළු වුණු මාගේ හංසියේ 
හැමදාම මේ ලෙසින් බැඳී ඉඳිමු යැයි කීව කුමරියේ 
ඔබ නේද දන්නේ තාම ඒ රහස දන්නේ 
ඔබමයි සොයන්නේ සැමදා මං පතන්නේ 

පෙරසේම ආවා මං සෙවුවා ඔබ නෑ ගං තෙරේ 
ගලන දිය වාගේ ළඟ නොරැඳී කොහේදෝ ඔබ ගියේ 
දියසුලිය කුරීරූ වූ  ලෙසේ ඇයිද ඔබ මාව හැඬවූයේ 
හඬමි මම මේ නදී තෙරේ ඇයිද ඔබ මා දමා ගියේ 
ඔබමයි සොයන්නේ තාම ඒ රුව සොයන්නේ 
සුළඟක් වෙලා සැමදා මං සොයන්නේ 

හමු වූ දිනේ...