ගී පද
ඇගෙ රාගී දෙනෙත් අස්සෙ අතරමන් වෙලා..
සල්ලාලයෙක් වෙලා වියපත් ප්‍රේම කුරුල්ලා..
අසම්මතේ පැටලිලා.. ප්‍රේමෙ උගසට තබලා..
උරුමය මරණයයි අනියම තිලිණ කරන්නා..
හිත යට කට මැත දොඩවන වදන් කියා..
පෙම ඇත පපු යට තනියට මතකෙ තියා..
මන් කියන්න යන්නේ ලබුත් තිත්ත කතාවක්..
SI Uncle විසේට කරපු මරණයක්..
ඈ තිස් වසරක ගෙනා පැතුම් සසල උන දිනක්..
අපි තවම සොයනවා ඇගෙ හිස ගතින් වෙන් උනත්..
දෙදෙනා යන්නට යන්නෙ සැමට මුසා පවසලා..
තනිවෙන්නට හිතලා ලැගුම් හලක් බලාලා..
ආපසු එන්නට වෙන්නෙ මරුත් එක්ක වෙලීලා..
මරුවගෙ තනිය මකාලා සූට්කේස් එකේ සැතපිලා..
ඔහු යන්න යනවා ඇය බස් නැවතුමේ තනිකරන්..
අඹු දරුවො සොයාලා ගෙදර යන්න හොර සිතින්..
අවසනෙ ඔහුටත් යන්න උනා මරුව සොය සොයන්..
අහෝ විනාස ඌ හැටි අනියම් පෙමක් ලොකු කරන්..
ඇගෙ රාගී දෙනෙත් අස්සෙ...
හිත යට..//