සුහුඹුල් වත නිකැළැල්suhumbul watha nikaelael

Suhubul Watha Mandakini

ගී පද

සුහුඹුල් වත නිකැළැල් 
සිප ගන්නැ රළු දෙතොලින් නම් කිසිදා 
ආදරේ හන්දා 
මුතුවැල් වගේ හසරැල් 
පරදාවි නිල් මානෙල් මල් සැමදා 
ඔබේ රූ හන්දා 

රෑ පුරා මුළු රෑ  පුරා නිදිවරා  
මා නිදිවරා කල්පනා හීනයක තනි උනා 
මා සිත්තම් ඔබ ගෙත්තම් 
කෙරුවා මන්දාකිණි 
මා යන්තම් සිප ගන්නම් 
තුරුලේ සඟවන් මල් මාලිනි 
මාගේ......

ඇහි පිල්ලම් ඔබ ගස්සන තාලේ 
ලොව නැහැවේ වරු ගානින් අඳුරේ 
මුදු වදනින් ඔබ ඇමතූ වේලේ 
හද පිපුනා මට දැනුනා ඔබ වෙනුවෙන් ආදරේ 
මා සිත්තම් ඔබ ගෙත්තම් 
කෙරුවා මන්දාකිණි 
මා යන්තම් සිප ගන්නම් 
තුරුලේ සඟවන් මල් මාලිනි 
මාගේ......

නිල්  අහසින් බැස  ආ සඳ සාවී 
විල් තෙරදී අපි හමුවෙමු කුමරී 
දිගු දෙනුවන් මත මා දල්වන්නි 
සිප ගනිමි යලි හමුවී මතු දවසක ආදරේ 

මා සිත්තම් ඔබ ගෙත්තම් 
කෙරුවා මන්දාකිණි 
මා යන්තම් සිප ගන්නම් 
තුරුලේ සඟවන් මල් මාලිනි 
මාගේ......