සුගලාවි (පොළොව හඬනා වේදනාවක)sugalaawi (polowa handanaa weedhanaawaka)

Sugalavi (Polowa Handana Wedanawaka)

සංගීතය:
රවින්ද්‍ර ශ්‍රීනාත්rawindhra shriinaath
පද රචනය:
අකිල රොද්‍රිගෝakila rodhrigoo

ගී පද

පොළොව හඬනා වේදනාවක
උණු සුසුම් මගෙ ඇඟිලි දවනා
අකුණු ගිගුරම් විලාපය මැද
රාජ සිහ නටඹුන්ව වැටුනා
මලානික පුලතිසි අහස යට
අපේ ප්‍රේමය හිස ගසා දමලා
මගේ සුගලාවියන් මතු දා
(සමුදුරින් එතෙරකට නික්මෙනවා…//)

නුඹේ මතකය දවාලන්නට
මගේ සුසුමන් නිවාලනු නොහැකී
වියරුවෙන් අසිපතෙන් මදනල
දෙකඩ වෙන්නට කපා හෙලනාවී
යකුන් දමනය කරාලන්නට
මහා මායම් මතුරනා දේවී
නොදැක ඉන්නට හැකිද මා හට
(මගේ සිත් රජදහන මායාවී...//)

මහා දළඳා වඩාමන්නට
සව් සියක් නැව් තනවනා ලෙසිනී
ප්‍රේමයත් ශෝකයත් නුඹ ලඟ
සිහින තනවා තනිව ඉනු නොහැකී
වීර වඩවන මහා දැහැනක
කඩවරිඳු දුන් වරම් ගනු නොහැකී
හවස් වරුවක සයුරු තොට ළඟ
(නුඹේ රුව මට මැවි මැවී පෙනුනී...//)