සුදු වැලි විසිරුණුsudhu waeli wisirunu

Sudu Wali Visirunu

සංගීතය:
විජය බණ්ඩාර වැලිතුඩුවwijaya bandaara waelithuduwa
පද රචනය:
ලලිත් වසන්තlalith wasantha

ගී පද

සුදු වැලි විසිරුණු මාවත අද ඔබ
යයි අවසන් ගමනේ
ඔබ හා එන්නට මා පින් කර නැත
ඇයි අප වෙන් කෙරුනේ

දෙනුවන් අතරින් ගිලිහුණු කඳුළක් 
ඔබ හට සමු දුන්නා
මතකය මසිතෙන් සමුදුන්නේ නෑ
ඔබ මා ළඟ උන්නා

නොමියෙන සැමරුම් නටබුන් විලසින්
මා ලය තුළ තනිවේ
ගිනිගත් සොහොනේ ඔබ හා දැවුනා
පැතුමන් මගේ ජීවේ

සුදු වැලි විසිරුණු මාවත අද ඔබ....
යයි අවසන් ගමනේ
ඔබ හා එන්නට මා පින් කර නැත
(ඇයි අප වෙන් කෙරුනේ)..////