සුදු රැලි ලස්සනsudhu raeli lassana

Sudu Rali Lassana

ගී පද

සුදු රැලි ලස්සන ගවුම ඇඳන් 
පොත් සුරතින් ලැම තුරුළු කරන්
සඳවතියක් සේ සිනා සලන්
හිමිදිරියේම එනතුරා බලන්
(ඉන්නම් තනිවී මං ගුරු පාරේ
පවසන්නට හිත බැඳුණු ආදරේ......//)

කැල්මන් හෙලා දෑස කොනකින් බලා
ඇයිදෝ හිනා මූණ මට හංඟලා
සුසුමක් වෙලා හිතට වද වේදනා
දෙයිදෝ නැවුම් ආදරේ කල්පනා
ඉවසුම් නොවේ සිතුමන් මාගේ
ඔබ තාම නෑ පෙනෙන ඉමේ.....

සුදු රැලි ලස්සන......

සිහිනෙන් පවා දකින ඔය රූ සොබා
ඇඳුනේ හදේ සිතුවමක් සේ සදා
සසරේ සරා යන්න පෙරුමන් පුරා
ළං වේවිදෝ මගේම වී සෑමදා
ඉවසුම් නොවේ සිතුමන් මාගේ
ඔබ තාම නෑ පෙනෙන ඉමේ.....

සුදු රැලි ලස්සන......