ගී පද
සුදු පිච්ච පොකුරු මම ඉහේ පලන්දලා නුඹ කැන්දන් එනවා
මුළු ගම්මානෙම මම නුඹව ඇවිද්දලා සිංදු කියාදෙනවා
අපෙ අප්පා කුඩප්පලා මමලා නැන්දලා මුනගස්සලා දෙනවා
ඔරුවෙ නග්ගගෙන මාරු වැව වටේ රවුමක් ගෙනියනවා
වටින් ගොඩින් හොර රහසින් නුඹ මට කැන්දන් යන්නට බෑ
මගෙ නෑයො පරානේ බලන් ඉන්නවා ඇස් වන්නනෙත් නෑ
අපෙ අම්මා උයන පන් පැදුරෙ උබට හොඳ නින්ද යයි ද දන්නෑ
අප්පා රෑට පැණි බීලා ඇවිත් මොර තියයිද දන්නෙත් නෑ
සුදු පිච්ච පොකුරු ....
වෙසක් සඳේ නුඹ හිනාවෙන්නෙ නෑ එදාට පායාපන්
පුවක් මලේ නුඹ තව මොරන්නෑ එදාට සරසාපන්
රන් පොකුරු පොකුරු ඇගෙ මූණ වටේ මල් මල් සිරියාවන්
දකින දකින කල පුංචි පැලේ දුක නැති බව පවසාපන්
සුදු පිච්ච පොකුරු ....