ගී පද
සමුගන්න අවසරයි ඔබ ගියපු දුර වැඩියි
මේ තරම් කාලයක් බලන් හිටිය මට
හරිම මහන්සියි
මට වඩා ඔබට කැපෙනා
හොඳ කෙනෙක් ලැබෙන්න කියලා
ඔබට පෙම් කල සිතින්ම පෙරදා
ආයෙමත් මම ප්‍රාර්ථනා කරනවා
(කුමක් හෝ කරපු කරුමයක් නිසා
මගේ ජීවිත කතාවෙ පිටු පුරා
ඔබව ලියවිලා නැතුවැති සුදු නෝනා...//)
කවදත් මේ භවයේ
ජය වෙත ගෙන ගියෙත් ඔබයි
කුළුඳුල් ආදරයේ පැරදුම
හිමි කලෙත් ඔබයි
මට වඩා ඔබට කැපෙනා....
දිවුරන්නම් පෙර සේ
බොරුවක් නම් නොවෙ ඇත්තයි
ඇසුරෙන් පසු අපගේ
මට ආදරෙ හරි තිත්තයි
මට වඩා ඔබට කැපෙනා
හොඳ කෙනෙක් ලැබෙන්න කියලා
ඔබට පෙම් කල සිතින්ම පෙරදා
ආයෙමත් මම ප්‍රාර්ථනා කරනවා
සමුගන්න අවසරයි....
මට වඩා ඔබට කැපෙනා....