සුදු නෙළුම කෝsudhu neluma koo

Sudu Neluma Ko

සංගීතය:
අමරදේව W Damaradheewa w d
පද රචනය:
රත්න ශ්‍රී විජේසිංහrathna shrii wijeesinha

ගී පද

සුදු නෙළුම කෝ 
සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වක
මල් නෙළා විකිණූ පන්සලේ

(වැවට කළුවර යා වුනා
සංසාර දුක බෝවුණා)..// 
නෙළූ මල් මිට ඉහිරුණා 
එහා ඉවුරට පා වුණා

සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ

සිහින් සිරි පොද වෑහුණා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී 
මෙහා ඉවුරට පාවුනා

සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වක
මල් නෙළා විකිණූ පන්සලේ
සුදු නෙළුම කෝ....