සුදු නංගී (කණගාටුයි මේ හිත පාළුයි)sudhu nangii (kanagaatuyi mee hitha paaluyi)

Sudu Nangi (Kanagatui Me Hitha Palui)

සංගීතය:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
පද රචනය:
ලසිත ජයනෙත්ති ආරච්චිගේlasitha jayaneththi aarachchigee

ගී පද

කණගාටුයි මේ හිත පාළුයි
තනිකම සමගින් මං යාළුයි
ඔබ නැති ජීවිතයේ පාට කළුයි...
ඔබ ගෙන් මං පතනා හුස්මයි 
මා ජීවත් කරනා රහසයි
නැත්තං මාගේ ආයුෂත් කොටයි

දුක අහනා - හිත නිවනා
මට දිශාව පෙන්වන්නී
වෙනවද මාගේ අවසන් පෙම්වන්තී...
පිරිමදිනා - හද තවනා
මට ආලය දක්වන්නී
දෙනවද ඔබගේ අත් දෙක සුදු නංගී...

අරමුණකින් තොරවූ මිනිසෙක්
වාගෙයි මං ඔබ ලබනා තෙක්
අපහසුවෙන් හිත හසුරවමින් බලං ඉන්නවා
අඩු තරමින් නැද්දෝ දැනුවත්
මා ගැන ඇසුවද කේලම්වත්
අත තියමින් හිස මුදුනින් දැන් දිවුරන්නද මා
හදවත් නහරේ - කැලතෙන රතු ලේ
පවසාවී පවසාවී ආදරයේ ගැස්මන්

දුක අහනා හිත නිවනා......

දුරකතනෙට හෝ එකපාරක්
අමතාපන් මේ සැනසීමත්
වැලි පොලවට දිය බින්දක් සේ සතුටක් ගේනා
ආදරයට අක්ෂර හතරක්
තිබුනත් එහි හරි තේරුමවත්
වටහන්නට බැරි කෙනෙකුට නම් රැවටෙන්න එපා
හදවත් නහරේ - කැලතෙන රතු ලේ
පවසාවී පවසාවී ආදරයේ ගැස්මන්

කණගාටුයි මේ හිත පාළුයි......
දුක අහනා හිත නිවනා......