සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේsudhu naendhaa aeyi geyi dhora waehuwee

Sudu Nanda Ai

ගී පද

සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ
මාමණ්ඩි මට ඇයි මඟහැරියේ
හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ

වෙනදා ඉඳිකඩ අද මට හරස් වෙලා
වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා
රිදී පොටක් හංගාගෙන ආවා
හීන් නගේ නුඹ නෑ දන්නේ

තටු පොරවාගෙන සැළයා කූඩුවෙලා
කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා
පහන් පැළට අද පරමල් වැඩලා
ගලේ විහාරෙත් ගොලුවීලා