සුදු මුදු වැල්ලේsudhu mudhu waellee

Sudu Mudu Walle

ගී පද

(සුදු මුදු වැල්ලේ සුළඟ හමන්නේ ආදරේ 
හිරිපොද වැස්සේ පින්න සලන්නෙත් ආදරේ 
දිලි දිලී අහසේ නිවි නිවී රහසේ 
මුතුකැ‍ට තරුවැල් අප‍ට කියන්නෙත් ආදරේ...//)
 
මල් සුවඳ සොයා බඹරා එනවා 
ආදරය සොයා ඔබ ළංවෙනවා 
සමනල් රෑනේ පියඹා යනවා 
මල්ගුමු දැකලා නැවතී යනවා 
සෙනෙහේ සුවදේ සැමදා.... 

සුදු මුදු වැල්ලේ සුළඟ හමන්නේ ආදරේ 
හිරිපොද වැස්සේ පින්න සලන්නෙත් ආදරේ 
දිලි දිලී අහසේ නිවි නිවී රහසේ 
මුතුකැ‍ට තරුවැල් අප‍ට කියන්නෙත් ආදරේ

ලොව සැනසීමයි ලොව නැලවීමයි 
ලොව ගැලවීමයි ආදරය තමයි 
ඔබ හා එනවා ඔබ හා යනවා 
දිවි තියෙන තුරා සිත සැනසෙනවා 
සෙනෙහේ සැරදේ සැමදා.... 

(සුදු මුදු වැල්ලේ සුළඟ හමන්නේ ආදරේ 
හිරිපොද වැස්සේ පින්න සලන්නෙත් ආදරේ 
දිලි දිලී අහසේ නිවි නිවී රහසේ 
මුතුකැ‍ට තරුවැල් අප‍ට කියන්නෙත් ආදරේ...//)
(මුතුකැ‍ට තරුවැල් අප‍ට කියන්නෙත් ආදරේ...///)