සුදු මැණිකsudhu maenika

Sudu Manika

සංගීතය:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
පද රචනය:
ලසිත ජයනෙත්ති ආරච්චිගේlasitha jayaneththi aarachchigee

ගී පද

අල්ලාගෙන පෙරදා දෑත ලං කරලා ඔය සුදු මුහුන 
හුරතල් තොල් කනපිට පෑව ආදරනීයයි ඒ දවස 
ඔය හිත තේරුං ගත්තට මට පිං දුන්නෙ කවුදෝ එදා 

ඇහෙනවනං මගෙ සුදු මැණික 
ඉස්සර වාගෙම අමතන්න 
හිමි නොවුනට දුක නෑ මැණික 
ඔබේ සතුට ගැන පවසන්න     

රිදුනේ නැහැ මට හඳුනා ගත්තා මිනිසුන් කවුදැයි කියා 
තරහක් නැහැ අද සමාව දෙන්නම් 
මගෙ පරම පෙම ඔබ නිසා 
හදවතින් ඉක්මනින් පිටව යන්නෑ මතකේ මරා
ආදරේ වෛරයෙන් ඉවර වෙන්නෑ හිත හොඳ නිසා 

ඇහෙනවනං මගෙ..

වැටුනේ නැහැ හිත වටහා ගත්තා පාඩමක් ඔබ නිසා 
පළිගත්තේ නෑ රිදවන්නෙත් නැහැ මං පිරිමියෙක් වූ නිසා 
හදවතින් ඉක්මනින් පිටව යන්නෑ මතකේ මරා
ආදරේ වෛරයෙන් ඉවර වෙන්නෑ හිත හොඳ නිසා 

අල්ලාගෙන පෙරදා දෑත ලං කරලා ඔය සුදු මුහුන 
හුරතල් තොල් කනපිට පෑව ආදරනීයයි ඒ දවස 
ඔය හිත තේරුං ගත්තට මට පිං දුන්නෙ කවුදෝ එදා 

(ඇහෙනවනං මගෙ සුදු මැණික 
ඉස්සර වාගෙම අමතන්න 
හිමි නොවුනට දුක නෑ මැණික 
ඔබේ සතුට ගැන පවසන්න)..//