ගී පද
කාටත්ම පුදුමයිලු අපි දෙතැනක
තනිකම නෙවෙයි මතකයයි කරදර
ඉක්මන් වෙලා ගන්නෙපා තීරණ
සුදු නංගීයේ වෙන්න සාධාරණ
(හිනැහෙද්දි වල ගැහෙන සුදු කම්මුල
පණ තියෙනකං වෙන්නේ නෑ අමතක...//)
ඇතිවෙච්ච දේ නැතිවෙලා යනවලු
එය ලෝකයේ තියෙන පොදු දහමලු
හොඳ මතු වුණත් මාගේ මරණින් පසු
නැහැ කිසි වැඩක් දැන්ම අපි එක්වෙමු
(හිනැහෙද්දි වල ගැහෙන සුදු කම්මුල
පණ තියෙනකං වෙන්නේ නෑ අමතක...//)
යන අයව නවතන්න බෑ කොහොමවත්
අහලා ඇතත් ඉන්න බෑ ඔබ නැතොත්
බරපතල වැඩි නමුදු දුන් ගින්දරත්
අපි ආයේ ලං වෙමුද තේරුම් අරන්...
කාටත්ම පුදුමයිලු...