ගී පද
සුදු ගවුමේ රැළි හද හද
කොන්ඩ කරල් දෙක බැඳගෙන
පාසැල් යන්නට සැරසෙන පුංචි නංගියේ
(නුඹට තියෙන ලස්සන ඇති පුංචි නංගියේ...//)
(හවස ඇවිත් වටපිට නුඹ බැලුවාට
නුඹේ තියෙන අමුතු වෙනස නම්...//)
හිතේ තියන් සඟව ගන්නෙපා
(හිතට හොරෙන් හිතටත් බොරු කරන්නට එපා...//)
සුදු ගවුමේ රැළි හද හද....
(සුදු පරවියෝ රෑනට නුඹ වැටුනාම
අපේ ගෙදර තියෙන සතුට නම්...//)
අපිට හොරෙන් අරන් යන්නෙපා
(මිනිසුන් හිනැහෙන විදිහට වැඩ කරන්නෙපා...//)
සුදු ගවුමේ රැළි හද හද....