සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනටsudhu aendagena sanda aewidhin dhura kandu mudhunata

Sudu Andagena Sanda Awidin Dura Kandu Mudunata

ගී පද

සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුන සිත ගෙන යයි කඳුළැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමුගන්නට අවසන් සැන්දාවක
ඒ ගං ඉවුරට

බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුනි මට
ඇයිදැයි දොස් පවරන සඳ සිත
නුඹේ වරදද මගෙ වරදද එය මා දන්නේ නැත

සුදු ඇඳගෙන....

නුඹ මා ලොව කළුවර කර පැන ගිය පලියට
කෙලෙසක දොස් පවරම් නුඹ හට
කිසි කෙනෙකු නොදුන් ආදරයක් නුඹ මට දුන් කොට

සුදු ඇඳගෙන....