ගී පද
සුභා කියා මා අමතන්න ද
ස්වර්ණමාලි ලෙස ඔබ අමතන්න ද
මට නම් නොහැගෙන්නේ
කොහොම ඇමතුවත් ඒ හා සසැදෙන ඔබේ රුවේ
භවය පුරා මා සුවපත් වන්නේ
කිඳුරු ඇසින් දඹදිව ම වශීකල //
එදා ඉපදුණු සුභා ලෙසේ
මෙදා මෙදියන උපන් සුභා ඔබමයි
සුභා කියා මා ....
ලැම විල රන් පෙති ගෝමර මාලා //
නුපුරුදු හැඟුමක් හඳ කැඳවයි
ස්වර්ණමාලි ලෙස ඔබ අමතන්න සිතයි
සුභා කියා මා .........