ගී පද
ශ්‍රී රාහුල හිමිගේ නාමේ
සුදිළේ ලංකා ඉතිහාසෙහී
විජියභ ස්වාමී - ඒ තොටගමුවේ
සඟ රජ වී දැන තෙවලා දහමේ
ෂඩ් භාෂාවේ පරමේශ්වර වූ
සිංහලයේ මහ කිවිඳා වූ
ශ්‍රී රාහුල හිමිගේ නාමේ
ශ්‍රී රාහුල හිමිගේ - ශ්‍රී රාහුල හිමිගේ
රාහුල හිමිගේ කීර්ති නාමේ
ශ්‍රී රාහුල හිමිගේ නාමේ
පිවිතුරු සීලේ - ඒ සමිඳාගේ
දස අතෙ හී අද පැතිරී පවතී
හෙළ භාෂාවේ නව ජීවනයේ
ද්වාරය හැර පැමි කිවිඳා වු ඒ
ශ්‍රී රාහුල හිමිගේ නාමේ