සොයා පිළිසරණක්soyaa pilisaranak

Soya Pilisaranak

ගී පද

සොයා පිළිසරණක් ලොවෙන් මා
නොලැබ හව්හරණක්
භවෙන් භවයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ
ඔබේ බුදු වදනක්

ගෙවා සුවහස් යොදුන් මේ කතරේ
සොයා යන මං නොදැන මේ අඳුරේ...//
යුගෙන් යුගයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ
ඔබේ මුදු සිහිලක්

සොයා පිළිසරණක්...

මහා කරුණා නුවන් දිය ගැඹරේ
ගිලී සැනහී නිවා ගිනි සසරේ...//
පහන් වැට සේ සොයා ආයෙමි
හිමියනේ ඔබේ
ඔබේ නෙතු කැල්මක්

සොයා පිළිසරණක්....