සොයා දියවූ මට සරණක්soyaa dhiyawuu mata saranak

Soya diyawu mata saranak

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද


සොයා දියව් මට සරණක් 
මා අතගන්නට - පෙරුම් පිරූ යෞවනයන්
දකුණේ දී - උතුරේ දී
මරා දැමූයේ...
තෙපි නොවේද පව්කාරයිනේ

නීල වරල මතුවන නර කෙස් ගනිමි..
බාල සුවඳ ආලේපන ගෙන උලමි..//
දෙතන එරෙන කිරි - දොවා ඉවතලමි..//
තෙපිටයි ඒ ශාපේ - පව්කාරයිනේ..

සොයා දියව්..

මැලෙවේ නෙතු මහනෙල් නා දලු දෙතොලේ
ගිලිහෙයි පෙති සියපත වන් වත මඬලේ..//
හදෙහි නැගෙන ගිණි - කඳුලින් ඉවසමි..//
තෙපිටයි ඒ පාපේ - පව්කාරයිනේ..

සොයා දියව්..