සොවින් බර නුවන් විදාලාsowin bara nuwan widhaalaa

Sowin Bara Nuwan

ගී පද

සොවින් බර නුවන් විදාලා
තැවුල් පැවසුවා හඩාලා
යොවුන් ආදරේ අපේ
ගියේ ඇයි මෙසේ බිදීලා...

හදේ ජනිත වූ අමාවන්
සැබෑ ආදරේ අපේ 
මුසාවන් නිසා අනුන්ගේ බිදීලා ගියා
අහන්කාර වූ සිනාවන් 
අපේ ආදරේ දවාල
ලොවේ චෝදනා නිසා 
මැවෙයි වේදනා

සදාතනික වූ හැගීමෙන්
මගේ ජීවිතේ පුරා
යාවුනා කියා සිතාමුත් ඔබේ ආදරේ 
කදුලින් කොපුල් තෙමාලූ
මගේ ආදරේ මකාලූ
ඔබේ චේතනා නිසා සිතේ වේදනා...