සොඳුරු සිතැත්තීsonduru sithaeththii

Sonduru Sithaththi

සංගීතය:
චමින්ද කුමාර කංකානම්ගේchamindha kumaara kankaanamgee
පද රචනය:
චමින්ද කුමාර කංකානම්ගේchamindha kumaara kankaanamgee

ගී පද

කවියක් ලෙසින් හිත ලඟ පද මුමුණන 
පැතුමක් ලෙසින් ඇවිදින් හිත සනසනා 
සුළඟක් ලෙසින් සිතිවිලි හිත පුරවනා 
නුඹමයි සොයා ආවේ යුග යුග පුරා 

කල්ප ගණනක් ලෙසින් දැනුනා 
නුඹ නොදුටු ඒ නිමේශයේ
සසර මියෙනා තුරුම පණ සේ 
සෙනෙහසින් තියූ ආදරින්

දුටුව දින ඒ හසරැල් හිත කිති කවා 
සිහිවේවි ආදරෙන් මගෙ මැයි කියා 
හිත ගාව ස්නේහයෙන් කවියක් ලියා 
නොසිතු ලෙස ඇයි රත්තරනේ විරසක වෙලා 

දුටුව දිනයේ සොඳුරු හසරැල් කවියක් ලෙසින් සිත රැඳුනේ 
සිතුවේම නෑ දුරකින් තියා නුඹ සිතින් හඬනවා කියා 

නුඹ පතන ලෝකයේ දුරකින් ඉඳන් 
නුඹ සොයන මාවතේ අත්වැල වෙන්නම් 
වෛරයක් නෑ කිසි දවසේ ආදරේ නිසා 
සසර තනිවී හිඳින්නම් නුඹ ගැන සිතා 

කඳුළු පුරවා හිනාවෙන මගෙ සොඳුරු සිත් ඇත්තියේ
දුරින් සිටියත් ලඟින් ඉන්නම් නුඹමයි මගෙ ජීවිතේ