සොඳුරු දෙවඟනsonduru dhewangana

Sonduru Dewagana

සංගීතය:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
පද රචනය:
යමුණා මාලනී පෙරේරාyamunaa maalanii pereeraa

ගී පද

සඳුද හිරුද ඔබය මා ලොව 
මහද අරණ සුරැඳි හිමි සඳ 
කෙලෙස වයමි ඔබගෙ ගුණ කඳ 
සොඳුරු කෙතර අඳුර දුරලන 
පහන නුඹය මහද තුලඹන 
(දිවිය රකින සොඳුරු දෙවඟන...//)

එදා නෙක බාධක මැද කඳුළු වල එතී 
මතකද අපි දෙන්නා ජය ලබපු හැටි 
අතීතයේ මට හමුවූ සොඳුරු පෙම්වතී 
මගෙ සුරතල් සිහිනේ සිරිමතී 

සඳුද හිරුද ඔබය......   

හෙට දවසෙත් එළැඹෙන නෙක තැවුල් අතරෙදී
නුඹගෙන් හිමිවෙන ආදරය මට ඇතී 
සොඳුර වගේම මවද මගෙ නුඹය සැක නැතී 
අපෙ කුලගේ සුවඳ මට ඇතී 

සඳුද හිරුද ඔබය......
කෙලෙස වයමි ඔබගෙ ගුණ කඳ
දිවිය රකින සොඳුරු දෙවඟන