ගී පද
(සොඳුරු අතීතයේ නිමල පැතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඇතී
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමු වෙන්න ඇතී...//)
කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද
භවය පුරා ලඟ ඉන්න ඇතී
එදත් මගේ සිත අද මෙන් කැපවී
ඔබේ නමට පුද දෙන්න ඇතී
සොඳුරු අතීතයේ....
නොසෑලී නොතැවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇතී
ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමු වෙන්න ඇතී...
සොඳුරු අතීතයේ....//