ගී පද
ගඟ ගාව රතු අහසේ හැන්දෑවේ කිම නාවේ මගේ සුන්දරී
නුඹ පෑව ඒ සිනහ මගෙ මතකේ තව රැඳී ඇති රූබරී
නුඹෙ හදේ තුරුණු බව මගෙ සිතේ තව රැඳුනු කෙසේ ප්‍රේමී
කවදාද නැවත මා හමුවන්නේ මම බලා ඉමි ගං තෙරේ
සොඳුරියේ ඔබටයි මං ආදරේ
සොඳුරියේ ඔබයි මගේ ජිවිතේ //
ඔබේ දෑස් මා දෙස බලනවා මා දැක
ඔබේ මුහුණේ සිනහව මා සිත සොරකම් කෙරුවේ
මිතුරිය හට පවසයි නුඹ කොඳුරා නොඇසෙන තරමට රහස් වදන්
සිත තුල සැඟවුනු රහස කුමක්දැයි පැවසුවාද මිතුරිය තමා
සොඳුරියේ ඔබටයි ....//
තරුකැට දිළිසෙන ඝණ අඳුරේ නුඹේ සුසුමන් මා ලඟ රැඳුනේ
හසරැල් මුවගේ රදවාලා ලස්සන සිහිනය මා මැවුවා
පොද වැස්සට පිණි වෑහෙනවා හදවතේ සෙනෙහස උතුරනවා
හැගුමන් හද තුල අතුරාලා පාවී යන්නේ ආදරයෙන්
සොඳුරියේ ඔබටයි ....////