සොඬින් නෙලුම් මල ගෙනියනsondin nelum mala geniyana

Sodin Nelum Mala

ගී පද

සොඬින් නෙලුම් මල ගෙනියන
බතික්  රන් පටින් දිදුලන
ඇතින්නියේ
යදම් අමතකද පා බැඳි විලංගුවේ

උතුම් හිසින් ඇන ඇන
කොයි ලෙසිනේ කිරි බොන්දැයි
ඇතින්නියේ දරු සෙනෙහස
ගාල් කලේ මන්දැයි
ඇතින්නියේ
ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි

වටින් මහ සෙනග ඇවිදින්
සාදු කියා වැන්දයි
නෙලුම් මලට නොවේ නුඹට
නුඹ අම්මා හින්දයි
ඇතින්නියේ
නෙලුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි