සෝබන සැන්දෑවේsoobana saendhaewee

Sobana Sendawe

පද රචනය:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

ගී පද

(සෝබන සැන්දෑවේ
සීතල මද පවනේ...
ඔබ එනතුරු සිටියා)...//

සුවඳ මලේ පෙම් කුසුමේ...//
කිම අහෝ ඔබ නාවේ...
අඳුරද ලොව පැතිරේ 

සෝබන සැන්දෑවේ.../  

හිරු දෙවිඳා මුහුදේ ගිලී...//
බැස යයි මා හැරදා...
ඔබ කොතැනද සොඳුරේ 

සෝබන සැන්දෑවේ.../ 

රන්ජනියේ නන්දනියේ...//
එනු එනු හනික සුදෝ...
ඔබ අමතකව නොයේ

සෝබන සැන්දෑවේ...//