සෝබන චන්ද්‍රාsoobana chandhraa

Sobana Chandra

පද රචනය:
ඩබ්ලියු එස් කරණාරත්නdabliyu es karanaarathna

ගී පද

සෝබන වන්ද්‍රා නැග එනවා - චන්දාවෝ සිහිවෙනවා

සුමිහිරි කන්කළු ගීත ගයා - ප්‍රේම හැඟුම් මුදු වදන් කියා
මා නැළවූ සුකුදාලනියේ - මා හැරදා ඔබ ඇයිද ගියේ
සිහි කර ඔබෙ ගුණ වැලපෙමි මා - නෑ සැනසුම් ඔබ අතැර දමා

අඳුරු වළා සඳ මත පාවී - සොභාව සඳුගේ ඇයි අඩුවී
කුමුදු විලේ මා හෘද කුලේ - සඳ නැති දා එහි මල් නොදිළේ
ආදර සුකුමාල චන්දනියේ - ඇයි මේ ලෙස අප වෙන්ව ගියේ

දිළිසේ ඔබ රුව සඳ මඬලේ - සෝ ගිනි දැල් මා හද ඇවිලේ
වරෙක එසේ තුටු සයුරෙ ගිලී - ඔබ නැති මා අද අඳුරෙ ගිලී
පෙර  ලෙස මා වෙත ආලය පා - නාවනු මැන සඳ කැල්මෙන මා