සෝ සුසුම් මාරුතේsoo susum maaruthe

So Susum Maruthe

සංගීතය:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa

ගී පද

සෝ සුසුම් මාරුතේ නුඹේ නමින්
විහඟුනේ ඈ ලොවේ නෑ ලඟින්
සෝ සුසුම් මාරුතේ නුඹේ නමින් 
විහඟුනේ ඈ කොහේ නෑ ලඟින් 
මිලින වී මල මගේ සුවඳ නෑ පෙර වගේ
මේ දිවි මගේ ඇයි තනි කලේ
සෝ සුසුම් මාරුතේ නුඹේ නමින්
විහඟුනේ ඈ ලොවේ නෑ ලඟින්

කතරයි මා මෙලොවේ ඔබ මයි දිය බිඳ වූයේ
නෑ යළිත් තෙමන්නේ වියළීලා සිත මගේ
වෙරළයි මා සයුරේ නුඹ මයි නෙක රැලි වූයේ
නෑ යළිත් රැලී එසේ සාගරේ
මිලින වී මල මගේ සුවඳ නෑ පෙර වගේ
මේ දිවි මගේ ඇයි තනි කලේ
සෝ සුසුම් මාරුතේ නුඹේ නමින්
විහඟුනේ ඈ ලොවේ නෑ ලඟින් 

පතිනිය නුඹ මාගේ සෙනෙහේ දුන්නා වාගේ
නෑ යළිත් ලැබෙන්නේ සොදුරියේ පෙම නුඹේ
සුවඳයි හද රැඳුනේ මතකෙයි මේ රිදවන්නේ
නෑ යළිත් ඔබ මාගේ නෙතු මානේ
මිලින වී මල මගේ සුවඳ නෑ පෙර වගේ
මේ දිවි මගේ ඇයි තනි කලේ

සෝ සුසුම් මාරුතේ නුඹේ නමින්......