ස්නේහයේ නගරයයිsneehayee nagarayayi

Snehaye Nagarayai

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
හේමසිරි ගුණතුංගheemasiri gunathunga

ගී පද

ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ....

යෞවනේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දවා
රන් සිනා පාමි පූජාසනේ...

ස්නේහයේ නගරයයි සිත මගේ....

මේ නවාතැන් ගෙවා ආත්මයේ
යනතුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිලමින් - දොවන සේ යදිමි මං
පූජනීයයි උතුම් ආදරේ...

ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
(වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ...///)