සියල්ල ඉදිරි ගරා වැටුණු දාsiyalla idhiri garaa waetunu dhaa

Siyalla Idiri Gara Watunuda

ගී පද

සියල්ල ඉදිරි ගරා වැටුණු දා
ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම
දැන හඳුනාගත් තනිකම නුඹටත්
මා හැරයන්නට සිදුවේ නැවතත්

ප්‍රේම තාපයෙන් පර මල් යහනට
තවත් ළඳක් එයි හෙට දවසේ
එතෙක් මෙතෙක් මා රැක ගත් තනිකම
මා නුඹ එලවන්නේද කෙලෙසේ

සියල්ල ඉදිරි ....

ඇය හෙට ආව ද පසුදින යාවි ද
අදහනු බෑ ඇය ළඳක් නිසා
හිටපන් තනිකම මගේ ගේ මිදුලේම
හතර මායිමෙන් එහා නොයා
හිටපන් තනිකම මගේ ගේ මිදුලේම
හතර මායිමෙන් එහා නොයා