ගී පද
සිව්සැට අභරණ පළඳාලා
පෝරුව මත නැගී කුමර කුමරියනි
ජිවිතයට එක් වරකි ඉටු වන්නේ
ඔබ පතා ආ දහසක් පැතුමන්...
සතුටින් සාමයෙන් ගෙවන්න දිවිමග
පින්බර දූ පුත්රුවන් ලබා
ඔබේ අනාගත දිවි මගේ
ලබන්න සුව සිත් සේ...
මංගලම් ජය මංගලම්
ජය මංගලම් වේවා...//
සිව්සැට අභරණ...
ඔබ දෙපලට සෙත් වේවා සදා
දිවි මග ජය ටැඹ එළි වේවා
මුළු ලොවටම වී මිණි පහනක්
ගෙවන්න පින්බර යුග දිවියක්
මංගලම් ජය මංගලම්
ජය මංගලම් වේවා...//