සිතුවිල්ල වීsithuwilla wii

Sithuwilla Wee

සංගීතය:
ශානක ජනිත්shaanaka janith
පද රචනය:
සචීsachii

ගී පද

සිතුවිල්ල වී මගෙ සිහින ලෝකේ 
තව කල්පයක් ඔබ ඉන්නවානේ   
වියතක් දුරින් අපි ඉඳලා නෑනේ
මට තනිකමක් දැන් දැනෙනවානේ  

ආදරේ නුඹ අරන් දුර ගියා 
ලස්සන මතකය කඳුලක් විතරයි දැන් අපගේ 
රිද්දන දේවල් ඉස්සර අපි ආගිය මතකේ 
නොලැබුණු දේවල් කොතරම් තිබුනත් ලෝකේ 
මේ වාගේ දුක නොහිතුනා 

ආයේ ආයේ ආයේ
හිනැහෙනවද පෙර වාගේ 
හදෙහී පැතුමන් මාගේ 
හමුවෙන්නට සංසාරේ 

කවුරුත්ම නෑ ඔබ වාගේ දුටුවේ 
මගෙ ආදරේ නෑ තවම මැරුණේ 
වෙනසක් වෙලා දැනෙනා වූ හැඟුමේ 
හැරුනොත් ඔයා පිළිගන්නවානේ 
ආදරේ නුඹ අරන් දුර ගියා

ආයේ ආයේ ආයේ....