සිතුවිලි සිරවී හදවත පතුලේsithuwili sirawii hadhawatha pathulee

Sithuwili Sirawi

ගී පද

සිතුවිලි සිරවී හදවත පතුලේ 
ඉකිබිඳ වැලපෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා //

ඔබෙ සෙනහස දැක සැගවෙනු කෙළෙසද 
නෑ මට තවමත් වැටහෙන්නේ
සුසුම් නිම්නයේ තනිවන්නට නම්
මේ ලෙස ඇයි අප හමුවන්නේ

සිතුවිලි සිරවී .....

මිලාන වූ මල් ඉකිබිඳ වැලපේ
විකසිත කුසුමන් හිනැහෙද්දී
ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ 
ඔබේ මගේ ලොව කදුළු දකී

සිතුවිලි සිරවී .....